පදිකයෙක්ව අනතුරට පත් කල විශ්වවිද්‍යාල සිසුවා අත්අඩංගුවට


ඔහු Nippon Sport Science විශ්වවිද්‍යාලයේ සිසුවෙක් වේ

.

4 වන දින පෙරවරු 9:35 ට පමණ ශිශ්‍යයා තම යතුරු පැදියෙන් මාර්ගයේ ගමන් කරමින් ඇත. ඒ අවස්ථාවේ දී ඇති වී තිබූ දැඩි වාහන තද බදය නිසා ශිෂ්‍යයා යතුරු පැදිය අතරින් පතර  දමා ධාවනයේ යෙදෙන විට පදිකයකු තම යතුරු පැදියේ ගැටී ඇත.

එවිට ශිෂ්‍යයා එම ස්ථානයෙන් පලා ගොස් ඇත. පසුව පොලිසිය විසින් 20 හැවිරිදි ශිෂ්‍යයා අත් අඩංගුවට ගෙන ඇති අතර ශිෂ්‍යයා වරද පිලිගෙන ඇත. සිසුවා පොලිසියට පවසා ඇත්තේ එදින පැවැත්වෙන පා පන්දු තරඟයට තමන් ක්‍රීඩා කරන බැවින් එයට සහභාගී වීමට ප්‍රමාද වේ යැයි සිතා ඔහු පලා ගිය බවයි.

පොලිසිය මේ පිලිබඳව තවදුරටත් විමර්ශණ සිදු කරයි

134 Views

Comments