නිවසකට ගිනි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට


නිවසකට ගිනි තැබූ බවට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Toyama ප්‍රාන්තයේ Takaoka නගරයේ නිවසකට ගිනි තැබූ බවට සැකපිට 33 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොඩනැගිල්ලේ නටබුන් අතර තිබී අස්ථි කොටස් හමුවී ඇති අතර ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නිවස තුළ මියගොස් සිටි අයෙකුගේ බවට විශ්වාස කරන බවයි පොලීසිය පැවසූවේ.

අදාල සැකකරු පෙරේදා(07) අලුයම 4 ට පමණ මෙම නිවසට ඇතුළු වී බිමට පෙට්‍රල් වත් කර ගිනි තබා තිබෙනවා.

පසුව අසල්වැසියෙක් ගිනිදැල් දැක 119 ට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දමා තිබෙනවා.

කෙසේවෙතත් මෙම නිවස වසර 20ක පමණ කාලයක සිට හිස්ව තිබූ බවයි වාර්තා වන්නේ.

92 Views

Comments