භූමිකම්පාවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්


ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් දෙවන භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

.

උතුරු ජපානයේ වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ Chishima ආගාධය හෝ ජපන් ආගාධය ආශ්‍රිතව අවම වශයෙන් 7.0 ක ප්‍රබල භූ කම්පනයක් ඇති වුවහොත් දෙවන භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ඊයේ(08) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රික්ටර් පරිමාණයේ 8.0 හෝ ඊට වැඩි පසුකාලීන භූමිකම්පාවක් මෙලෙස ඇතිවිය හැකි බවයි ජපන් කාලගුණ විද්‍යා ඒජන්සිය මෙන්ම පළාත් පාලන ආයතන පවසා සිටින්නේ.

මේ අතර හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් වූ කලාපවල පළමු භූමිකම්පාවෙන් සතියක පමණ කාලයක් යනතුරු විශාල භූකම්පන හෝ සුනාමි අවදානමක් සඳහා සූදානම් වන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

158 Views

Comments