ජපානය පුරා කොරෝනා වෛරස් රෝගීන්ගේ ඉහල යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව කොරෝනා අටවන රැල්ලක් ඇතිවෙමින් පවතින අතර එය පෙර රැලි වලට වඩා භයානක විය හැකි බවයි වාර්තා වන්නේ.
මේ අනුව පසුගිය සතියේ දින හතක කාලය තුළ තහවුරු වූ රෝගීන් පෙර සතියට වඩා සියයට 40 කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙනවා.
එමෙන්ම බටහිර ජපානයේ ටොකුෂිමා ප්‍රාන්තයේද රෝගීන් වැඩිවෙමින් පවතින අතර එය සියයට 69 ක වැඩිවීමක්. ටොකුෂිමාට පසුව රටේ ඊසාන දෙසින් පිහිටි මියාගි ප්‍රාන්තය සහ මධ්‍යම ජපානයේ ෆුකුයි ප්‍රාන්තවල පිළිවෙලින් රෝගීන් සියයට 66 සහ සියයට 60 ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.