අල්ලස් ගත් ඔලිම්පික් විධායක නිලධාරියාට වැඩ වරදී


අල්ලස් ගත් ඔලිම්පික් විධායක නිලධාරියෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

.

ජපානයේ ප්‍රධාන වෙළඳ සමාගම් දෙකකින් යෙන් මිලියන 54ක අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු ටෝකියෝ ඔලිම්පික් විධායක නිලධාරියෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

Haryuki Takahashi නම් අදාල පුද්ගලයා ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් සඳහා ගෝලීය අනුග්‍රාහකයෙකු හෝ අලෙවිකරණ නියෝජිතයෙකු ලෙස තෝරා ගැනීමට උපකාර කරණ නව පවසමින් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ හෝ මොහු කලක් තිස්සේ මෙම නීතිවිරෝධී ක්‍රියාව කරගෙන ගොස් ඇති අතර එයින් උපයා ඇති මුලු මුදල යෙන් මිලියන 196ක්.

150 Views

Comments