ආදාහනාගාරයෙන් මතුවූ වටිනා ලෝහ


ජපානය මිනිසුන් මිය ගිය විට ආදාහනය කිරීමට පෙළඹේ.

.

ජපානය මිනිසුන් මිය ගිය විට ආදාහනය කිරීමට පෙළඹේ. ජපානයේ කන්සායි ප්‍රදේශවල, විශේෂයෙන් කියෝතෝ සහ නාරා ප්‍රදේශවල වියෝවූවන් ආදාහනයෙන් පසු ඉතිරිවන අස්ථි පවුලේ සොහොන වෙත ගෙනයාමේ ඉතා පැරණි චාරිත්‍රයක් පවතී.

කෙසේවෙතත් මෙසේ රැගෙන නොගිය අස්ථි කොටස් අළුවලින් පෙරා ඒවා කුඩා කැබලිවලට තලා දැමීමේ ක්‍රමයක් ආදාහනාගාර විසින් ආරම්භ කරන ලද අතර, මෙම පෙරීමේ ක්‍රියාවලියේදී වටිනා ලෝහ ද සොයා ගන්නා ලදී.  

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් සහ දෙසැම්බර් අතර ආදාහන 13,000 කින් ජනනය කරන ලද අළු ටොන් 39 ක් පෙරීමේදී එකතු වූ ලෝහ මෙසේයි. 

 

● රත්රන් කිලෝග්රෑම් 7.1 

 

● ප්ලැටිනම් කිලෝග්‍රෑම් 0.2 

 

● රිදී කිලෝග්‍රෑම් 21.1 

 

කෙසේවුවත් හමුවූ මෙම ද්‍රව්‍ය විකුණනවාද නැද්ද යන්න මේ වනවිට සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

121 Views

Comments