දුම්රියක් තුලදී සිසුවියකට හිරිහැර කල අයෙක් අත්අඩංගුවට


සිසුවියකට දුම්රිය තුලදී හිරිහැර කිරීම සම්බන්ධයෙන් සැකපිට JR West හි 29 හැවිරිදි සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Ishikawa ප්‍රාන්තයේ Komatsuහි පොලිසිය විසින් නව යොවුන් වියේ ගැහැණු ළමයෙකුට දුම්රිය තුලදී හිරිහැර කිරීම සම්බන්ධයෙන් සැකපිට JR West හි 29 හැවිරිදි සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට අනුව නොවැම්බර් 2 වැනි දින පෙරවරු 7.30 ට පමණ මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

අදාල සැකකරු වන Ryoya Yuda චෝදනාව අර්ධ වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ තමා අසල වාඩි වී සිටි දැරිය ස්පර්ශ කිරීමට ඉඩ ඇති නමුත් ඇයට අත නොතැබූ බවයි.

මෙම සැකකරු බටහිර කනසාවා කාර්යාලයේ ධාවන පථ නඩත්තු අංශයේ සේවය කරන අතර සිද්ධිය සිදුවන විට ඔහු රැකියාවට යමින් සිට තිබෙනවා.

 

105 Views

Comments