70 වැනි වියේ පසුවන තම බිරිඳට යකඩ පොල්ලකින් පහර දීම සම්බන්ධයෙන් සැකපිට 84 හැවිරිදි පුද්ගලයෙකු Fukushima ප්රාන්තයේ Furudono ප්රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා(11) පෙරවරු 9 ට පමණ මෙම පුද්ගලයා බීමතින් නිවසට පැමිණ බිරිඳගේ දකුණු පාදයට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
අදාල කාන්තාව මීට වසර කිහිපයකට පෙරද තම සැමියා තමන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිසියෙන් උපදෙස් ලබාගෙන ඇති නමුත් පසුව අපරාධ පැමිණිල්ලක් ගොනු කිරීම ප්රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසා සිටියා.