බසයක් පෙරළී 28ක් රෝහලේ


විශාල සංචාරක බස් රථයක් පෙරලීමෙන් සංචාරක මගීන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

.

Shizuoka ප්‍රාන්තයේ Oyama හි ප්‍රාන්ත මාර්ගයකදී විශාල සංචාරක බස් රථයක් පෙරලීමෙන් සංචාරක මගීන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අධික ලෙස භාවිතා කිරීම නිසා අධික ලෙස රත් වීමෙන් තිරිංගවල සඵලතාවය දුර්වල වන "Fade phenomenon" නම් සංසිද්ධියක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

26 හැවිරිදි බසයේ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ප්‍රකාශ කර ඇත්තේ  බසය පැයට කිලෝමීටර් 90ක පමණ වේගයකින් පාලනයෙන් මිදී යද්දී රියදුරු “තිරිංග ක්‍රියා නොකරයි!” යනුවෙන් කෑගැසූ බවයි.

101 Views

Comments