දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට


දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

.

පෙරේදා(12) රාත්‍රී 7.00 ට පමණ සාගා ප්‍රාන්තයේ කියමා නගරයේ JR කගෝෂිමා මාර්ගයේ කියමා දුම්රිය ස්ථානයේ සිට මීටර් 450 ක් පමණ දකුණින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී සීමිත ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සාගා ප්‍රාන්ත පොලිසියේ ටෝසු පොලිස් ස්ථානයට අනුව රියදුරු රේල් පීලි මත රූපයක් දැක හදිසියේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ නමුත් නියමිත වේලාවට එය නතර කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් Hakata සහ Tosu අතර පැය දෙකක පමණ දුම්රිය මෙහෙයුම් අත්හිටුවීමට සිදුවූ අතර එමගින් පුද්ගලයින් 7,000 ක් පමණ පීඩාවට පත් වී තිබෙනවා.

99 Views

Comments