දේශීය නිෂ්පාදන අපනයනය ඉහළ දැමීමට සැලසුම්


ජපන් රජය දේශීය ගොවිපල නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කිරීමට යොමුව තිබෙනවා.

.

ජනගහනය අඩුවීම හේතුවෙන් ජපානයේ දේශීය භාණ්ඩ පරිභෝජනය පහත වැටීමට නියමිත බැවින් 2030 දී වාර්ෂික කෘෂිකාර්මික අපනයනය යෙන් ට්‍රිලියන 5 දක්වා ව්‍යාප්ත කිරීම අරමුණු කරගනිමින් ජපන් රජය දේශීය ගොවිපල නිෂ්පාදන වැඩි වශයෙන් අපනයනය කිරීමට යොමුව තිබෙනවා.

ඒ අනුව ලොව පුරා ඉහළ අගයක් ගන්නා ජපානයේ නිෂ්පාදනය කරන පලතුරු අපනයන වැඩි කිරීමට‍යි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

මේ යටතේ Tohoku කලාපයේ පළතුරු නිෂ්පාදකයින් නව වෙලඳපොල වෙත යොමු කිරීමට සහ විදේශයන්හි ඔවුන්ගේ විකුණුම් මාර්ග පුළුල් කිරීමට විවිධ සැලසුම් සකස් කිරීමටද ජපන් රජය මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

113 Views

Comments