මෝටර් රථයක තිබී තිදෙනෙකුගේ මළ සිරුරු හමුවේ


මෙය සමූහ සියදිවි නසා ගැනීමක් බවට සැක කෙරේ

.

Kanagawa ප්‍රාන්තයේ සගමිහාර ප්‍රදේශයේ වනාන්තර මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක තිබී තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.

මෙය සමූහ සියදිවි නසා ගැනීමක් බවට සැකකෙරෙන අතර ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 20 හෝ 30 ගණන්වල මුල් භාගයේ පසුවෙන්නන් බව විශ්වාස කෙරේ.  

සිරුරුවල තුවාල වූ බවක්ද පෙනෙන්නට නොතිබුණි.  

පොලිසිය පැවසුවේ ජනවාරි 9 වැනිදා දහවල් පමණ සිට මෝටර් රථය දැනට තිබෙන ස්ථානයේ නවතා තිබූ බවයි.

 

171 Views

Comments