පිරිමි ළමයෙක් මහල් නිවාසයකින් බිමට වැටී මිය යයි


Aomori ප්‍රාන්තයේ Hachinohe නගරයේ මහල් නිවාසයක මෙම සිදුවීම සිදු වී ඇත

.

13 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මවක් සහ පොලිස් නිලධාරියෙකු විසින් Aomori ප්‍රාන්තයේ Hachinohe නගරයේ නාගරික නිවාස භූමියේ 4 හැවිරිදි පිරිමි ළමයෙකු  ලේ ගලමින් වැටී සිටියදී සොයා ගන්නා ලදී.

දරුවා රෝහලට ගෙන ගිය නමුත් මියගොස් ඇති බව රෝහලේ දී තහවුරු විය.

දරුවාගේ මව රාත්‍රී 11.00 ට පමණ කුණු දැමීමට නිවසින් පිටතට ගියාය. නැවත නිවසට පැමිණි දරුවාගේ මව දැක ඇත්තේ ඇයගේ කාමරයේ තිබූ  බට පුටුව වැරන්ඩා එකේ වැට අසල තිබෙන බවයි. දරුවාගේ මව මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තම දරුවා සෙවීමට පටන් ගෙන ඇත.

පොලිසිය සැක කරන්නේ දරුවා තම මව සොයමින් බැල්කනියේ වැට උඩට නැගීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

106 Views

Comments