තෝකියෝ හි අද දින නව COVID-19 රෝගීන් 11,196 ක් තහවුරු වූ අතර සැප්තැම්බර් 14 න් පසු දෛනික සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිය පළමු අවස්ථාව ද වේ
සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ උෂ්ණත්වය පහත වැටීම සහ ගෘහස්ථ වාතාශ්‍රය අඩු වීමත් නිසා මෙලෙස රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවයි.
තෝකියෝ හි නව රෝගීන් වාර්තා වීමේ දින හතක සාමාන්‍යය 7,863.4 දක්වාවැඩි වී ඇති අතර එය සතියකට පෙර 6,072.4 ව පැවතුණි. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පෙර පරිදි මුඛ ආවරණ පැලඳ ප්‍රවේශමෙන් සිටින ලෙසයි.