එළඹෙන සෙනසුරාදා දින මාර්ගගත ක්රමය ඔස්සේ ආරම්භ කිරීමට නියමිත sapporo හිම සැණකෙළියේ දී Snow Mikuගේ පිළිරුවක් විවෘත කිරීමට සූදානම්ව සිටින බව එහි සංවිධායක මඩුල්ල දැනුම් දී තිබේ.
වාර්ෂිකව උතුරු ජපානයේ හොකයිඩෝ ප්රාන්තයේ දී පැවැත්වෙන මෙම සැණකෙළියට මිලියන දෙකක පමණ ජනතාව ඇදී එන නමුත් පැතිර යන වසංගත තත්වය යටතේ එය දෙවන වසරටත් මෙවරත් මාර්ගගත ලෙස පැවැත්වීමට සිදුවී තිබේ.
ඉතා විශාල හිම කුට්ටියක් යොදා ගනිමින් අඹන මෙම පිළිමය එහි වැඩකටයුතු ආරම්භ වූ දින සිටම ඒ සිදුවන ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන සැණකෙළියට අදාල වෙබ් පිටුව හරහා ප්රේක්ෂකයන්ට නැරඹීමට සලස්වා තිබුණි.
මෙම සැණකෙළිය පෙබරවාරි 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.