මිකාසා හි ටොමොහිටෝ කුමරුගේ වැන්දඹුව වන නොබුකෝ කුමරියට පියයුරු පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර ඇය මෙම සති අන්තයේ ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ප්‍රකාශ කර සිටියා.
67 හැවිරිදි කුමරිය අද(16) ටෝකියෝ හි කීයෝ විශ්ව විද්‍යාල රෝහලට ඇතුළත් කරනු ඇති අතර සැත්කම සෙනසුරාදා සිදු කිරීමට නියමිත බවයි ඒජන්සිය පවසා සිටියේ.
කුමරිය කැඩුණු කශේරුකාවක් පිළිබඳ පරීක්ෂණයක් සඳහා නොවැම්බර් 4 වන දින වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටියදී MRI සහ බයොප්සි පරීක්ෂණයකට භාජනය වී තිබෙනවා.
පසුව ඇයට දකුණු පියයුරේ පිළිකාවක් ඇති බව පසුගිය සිකුරාදා හඳුනාගත් නමුත් එහි කැපී පෙනෙන රෝග ලක්ෂණ කිසිවක් නොමැති බවයි වාර්තා වන්නේ.
කුමරිය දිවංගත අගමැති ෂිගේරු යොෂිඩාගේ මිනිබිරියක් වන අතර ඇය හිටපු අගමැති ටාරෝ අසෝගේ බාල සොහොයුරියයි. ඇයගේ නැසීගිය සැමියා එමරිටස් අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සොහොයුරෙකි.