ජපානයේ ළමා රැදවුම් පරිවාස මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන තරුණ දරුවන්ට පරිගණක කේතකරන පාඨමාලා පුහුණුවක් ලබාදීමට යහපාලන සමාජ කටයුතු අමාත්‍යංශ සහ අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය දා සම්මත කරන ලද නව නීති වලට අනුව වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කාර සියලුම රැඳවියන් ළමයින් ලෙස අර්ථ දක්වන බැවින් මෙකී රැඳවුම් මධ්‍යස්ථාන වල පුනරුත්තාපනය වන වයස අවුරුදු 18ට ආසන්න තරුණ දරුවන් හට වෘත්තීය මට්ටමේ පරිගණක සාක්ෂරතාවයක් ලබාදීම මෙම පාඨමාලාවේ අරමුණ බව පැවසේ. මෙකී පුහුණුව මගින් පුනරුත්ථාපනය වී පිට වන තරුණ දරුවන් හට පරිගණක ආශ්රිත ස්වයං රැකියාවක් හෝ මෘදුකාංග නිෂ්පාදන ව්‍යාපාර ආරම්භ කිරීමට මනා පිටිවහලක් ලැබෙන බව පැවසේ.