Melano CC නම් රූපලාවන්‍ය අමුද්‍රව්‍ය ව්‍යාජ ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් Osaka ප්‍රාන්ත පොලිසිය 16 වන දින සයිටමා ප්‍රාන්තයේ Toda නගරයෙහි හි රැකියා විරහිත 31 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇත.
ප්‍රාන්ත පොලිසිය විසින් කාන්තාවගේ නිවසේ තිබී ව්‍යාජ භාණ්ඩ 1600ක් පමණ පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ එම කාන්තාව ඔක්තෝබර් 15 වන දින Funai හි කාන්තාවන් දෙදෙනෙකුට "Melano CC" (මිලි ලීටර් 20) ව්‍යාජ බෝතල් පහක් යෙන් 5,400 කට අලෙවි කිරීමෙන් සමාගමේ වෙළඳ ලකුණ අවභාවිත කර ඇති බවයි.
නමුත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම නිෂ්පාදන ව්‍යාජ ඒවා බව දැන නොසිටි බවයි. පොලිසිය මේ පිළිබඳව වැඩි දුරටත් විමර්ශන සිදු කරයි