වෙඩි තබා ඝාතනය කරන බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා


අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට පත්වේ

.

වීඩියෝ බෙදාගැනීමේ වෙබ් අඩවියක් භාවිතා කරමින් Aichi ප්‍රාන්තයේ Nagoya හි උසස් පාසලකට එරෙහිව “ තුවක්කුවකින් විචක්ෂණශීලී වෙඩි තැබීමක්” සිදු කරන බවට තර්ජනාත්මක අදහස් පළ කළ Sho Watanabe නම් 34 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු බලහත්කාරයෙන් පුද්ගලිකත්වයට බාධා කිරිමේ චෝදනාව යටතේ Nagoya පොලිසිය විසින් සැකපිට සදුදා දින සවස අත්අඩංගුවට ගෙන තිබේ. 

 

එදින පස්වරු 4.30 ට පමණ එම වෙබ් අඩවියේ අදහස් දැක්වීමේ කොටස තුළ හිටපු අගමැති Shinzo Abe ඝාතනය කළ විඩියෝව දක්‌වමින් උසස් පාසල තුළත් එලෙසින්ම “අවිචාරවත් මිනීමැරුමක්” කරන බවට ඔහු විසින් තර්ජනය කර ඇති බව පොලිසිය මෙහිදී සදහන් කළේය .

 

මෙම තර්ජනාත්මක අදහස් පළ කිරීම දුටු පාසලේ සේවකයෙකු පොලිසියට අමතා සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මාසයකට පමණ පෙර සිට පලවූ එවැනි තර්ජනාත්මක වදන් තුළ “මම උසස් පාසලේ වැටවල් ගිනි තියන්නම්” වැනි වදන් පෙලවල් තිබී ඇති බව පැවැසේ.

102 Views

Comments