පාසල් දැරියකට අතවර කල අයෙක් අත්අඩංගුවට


11 හැවිරිදි ප්‍රාථමික පාසල් දැරියකට අතවර කළ බව කියන පුද්ගලයකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

.

11 හැවිරිදි ප්‍රාථමික පාසල් දැරියකට මහල් නිවාස ගොඩනැගිල්ලකදී ලිංගික අතවර කළ බව කියන 22 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ සැප්තැම්බර් 27 වන දින රාත්‍රී 8.50 ට පමණය. 

ටොයෝ විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන Yuto Date නම් අදාල සැකකරු දැරියගේ නිවසේ දොරටුව අසලදී දැරියගේ පියයුරු ඇල්ලීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.  

තවද පොලිසිය පැවසුවේ Date දැරියගේ නිවසට ගොස් ඇයගේ අවධානය යොමු කර ගැනීම සඳහා දුම්රිය ස්ථානය කොහිදැයි ඇගෙන් විමසා ඇති බවයි.

Date මෙම චෝදනා සියල්ලක්ම පිළිගෙන ඇති බවද වාර්තා වනවා.

 

115 Views

Comments