ජපානයට පැමිණෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඔක්තෝම්බර් මාසයේදී 500,000 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජපානය ඔක්තෝම්බර් 11 වන දින දැඩි COVID සීමා පාලනයන් කිහිපයක් අවසන් කළ අතර අගමැති ෆුමියෝ කිෂිඩා පවසා සිටියේ ආර්ථිකය නැවත නගාසිටුවීම සඳහා සංචාරක ව්‍යාපාරය කෙරෙහි විශ්වාසය තබන බවයි.
සංචාරක හා ව්‍යාපාරික යන දෙඅංශයෙන්ම ජපානයට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඔක්තෝම්බර් මාසයේදී 498,600 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සැප්තැම්බර් මාසයට වඩා දෙගුණයකටත් වඩා වැඩි වූ අතර පෙර වසරට වඩා 2,155% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළ බවයි ජපාන ජාතික සංචාරක සංවිධානය පවසා සිටියේ.