නීතිවිරෝධී ලෙස චිත්‍රපට සංස්කරණය කර මුදල් ඉපයූ යුවලකට වැඩ වරදී


නීතිවිරෝධී ලෙස චිත්‍රපට සංස්කරණය කර මුදල් ඉපයූ යුවලකට යෙන් මිලියන 500ක දඩයක් නියම කර තිබෙනවා.

.

චිත්‍රපටවල සංස්කරණය කරන ලද කොටස් අවසරයකින් තොරව බෙදාහැරීම සහ වෙබ් අඩවි වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පුරුෂයෙකුට සහ කාන්තාවකට යෙන් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස ටෝකියෝ දිස්ත්‍රික් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදන සමාගම් 13ක් විසින් අදාල සැකකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කල නඩුව ඊයේ(17) කැඳවූ අවස්ථාවේදීයි.

නඩුවට අනුව මොවුන් දෙදෙනා 2020 ආරම්භයේ සිට එම වසරේ ඔක්තෝබර් දක්වා වීඩියෝ සංස්කරණය කර පළ කර ඇති අතර අවම වශයෙන් යෙන් මිලියන 7 ක වෙළඳ දැන්වීම් ආදායමක්ද උපයා ඇති බවයි වාර්තා වන්නේ.

"Shin Godzilla", Oscar සම්මානලාභී නාට්‍යය "Departures" සහ "Cold Fish" යන ත්‍රාසජනක චිත්‍රපටය වැනි චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් විත්තිකරුවන් විසින් සංස්කරණය කර නීතිවිරෝධී ලෙස පලකර කර ඇති අතර ඒවාට මිලියන 10 කට වඩා වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවක්ද ඇති බවයි පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.

 

 
84 Views

Comments