Toru Kubotaට නිදහස


ජපන් වාර්තා චිත්‍රපට නිෂ්පාදක Toru Kubota පොදු සමාවක් යටතේ මියන්මාර බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

.

ජපන් වාර්තා චිත්‍රපට නිෂ්පාදක Toru Kubota පොදු සමාවක් යටතේ මියන්මාර බන්ධනාගාරයෙන් නිදහස් කිරීමෙන් පසු අද(18) ජපානයට පැමිණ තිබෙනවා.

ජපාන රජයට අනුව දේශීය සිරකරුවන් 5,774 ක් සමඟ සමාව ලබා දී ඇති විදේශීය ජාතිකයන් හතර දෙනා අතර 26 හැවිරිදි ඔහු ද වන බවයි වාර්තා වන්නේ.

සමාව ලැබූ අය අතර ඔස්ට්‍රේලියානු ජාතික ෂෝන් ටර්නෙල්, බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකීගේ හිටපු ආර්ථික උපදේශක සහ හිටපු බ්‍රිතාන්‍ය නියෝජිත විකී බෝමන්ද ඇතුළත්.

පසුගිය ජුලි 30 වන දින මියන්මාරයේ විශාලතම නගරය වන යන්ගොන් හි විරෝධතාවක් රූගත කරමින් සිටියදී Kubota අත්අඩංගුවට ගනු ලැබූ අතර එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමකටද යටත් කරනු ලැබුවා.

 
83 Views

Comments