ජාත්‍යන්තරයෙන් Fukushima වෙතට ...


විනාශ වුණු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට නිරීක්ෂණ චාරිකාවක් යෑම සඳහා...

.

විනාශ වුණු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට නිරීක්ෂණ චාරිකාවක් යෑම සඳහා ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය හෙවත් IAEA සිය ජේෂ්ඨ විද්‍යාඥයන් සහ නිලධාරීන් පිරිසක් සූදානම් කර ඇති බව පැවසේ.

විනාශයට පත් වුනු ෆුකුශිමා බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක තුළ භාවිතයට ගැනුන ජලය නැවත මුහුදට මුදා හැරීම පිළිබඳව ක්ෂේත්‍ර වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම සංචාරය අරමුණ වේ. පෙර සැලසුම් වලට අනුව ජපාන රජය එසේ මෙම ජලය මුහුදට මුදා හැරීමට සැලසුම්කර තිබුනේ 2023 වසරේ වසන්ත කාලයේදී වුවත්, දේශීය ධීවර ප්‍රජාව මෙන්ම චීනය සහ දකුණු කොරියාව වෙතින් එල්ල වූ විරෝධතා නිසා IAEA නිලධාරීන් කැඳවා වාර්තාවක් ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බව සැලවේ.

188 Views

Comments