ක්ෂණික ramen cup noodles වල මිලඉහළ දැමීමට සිදුවන බව නිෂ්පාදකයන් විසින් දන්වා තිබේ.මෙම ආහාර පිළියෙළ කිරීමට යොදා ගන්නා තිරිඟු පිටි සහ වෙනත් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇත .
මේ සමගම එළඹෙන ජූනි මස සිට නූඩ්ල්ස් ආශ්රිත නිෂ්පාදන 180ක පමණ මිල 12% කින් පමණ ඉහළ යාමට නියමිතයි.
වසර තුනකින් පමණ Nissin Foods ඔවුන්ගේ ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.ඔවුන් පවසා සිටියේ ඉහළ අමුද්‍රව්‍ය මිලත් සමග මිල ස්ථාවරව තබා ගැනීමට ඔවුන් බොහෝ සෙයින් උත්සහ කලද එය අපහසු කාර්යයක් බවයි.