110 අංකයට ව්‍යාජ ඇමතුම් දුන් අයෙක් අත්අඩංගුවට


110 අංකයට ව්‍යාජ ඇමතුම් 330ක් ලබාදී පොලිසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු මියාගි ප්‍රාන්තයේ ටෝම් හි පොලිසිය විස

.

110 අංකයට ව්‍යාජ ඇමතුම් 330ක් ලබාදී පොලිසියේ රාජකාරියට බාධා කළ බවට සැකපිට 54 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු මියාගි ප්‍රාන්තයේ ටෝම් හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ Katsunori Monma නම් මොහු පසුගිය වසරේ දෙසැම්බර් සිට මේ වසරේ ජූලි දක්වා කාලය තුළ මෙලෙස ඇමතුම් ලබා දී  නිශ්ශබ්දව හෝ “මෝඩයෝ” සහ වෙනත් අපහාසාත්මක වචන කියා කෑ ගැසූ බවයි.

කෙසේවෙතත් Monma තම නිවසේ සිට ඇමතුම් ගත් බව පිළිගෙන ඇති නමුත් එසේ කරන විට ඔහු සාමාන්‍යයෙන් බීමත්ව සිටි බව පොලිසියට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

109 Views

Comments