Kurushima සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළේ


අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

.

ඊයේ(02) රාත්‍රී 7:30 ට පමණ Ehime ප්‍රාන්තයේ Imabari නගරයේ වෙරළට ඔබ්බෙන් වූ Kurushima සමුද්‍ර සන්ධියේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන Seiryu පෙරලීමට ලක්විය.

Imabari වෙරළාරක්ෂක බලකායට අනුව එය පැය එකයි විනාඩි 20 කින් පමණ සම්පූර්ණයෙන්ම ගිලී ගිය අතර එහි සිටි පුද්ගලයන් පස් දෙනාගෙන් තිදෙනෙකු බේරා ගන්නා ලදී.

තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර බේරාගත් එක් අයෙක් හයිපෝතර්මියාවෙන් රෝහල් ගත කර තිබේ.

අනතුර සිදුවන විට Seiryu නෞකාව ඔයිටා ප්‍රාන්තයේ Tsukumi නගරයේ සිට Okayama ප්‍රාන්තයේ Kasaoka නගරය දක්වා හුණුගල් ප්‍රවාහනය කරමින් සිට ඇත.

 

137 Views

Comments