Shiori Ito දූෂණ නඩුව නැවතත් අභියාචනයට..


මාධ්‍යවේදිනී Shiori Ito දූෂණ නඩුව නැවත වතාවක් විභාගයට ගැනීමට...

.

මාධ්‍යවේදිනී Shiori Ito දූෂණ නඩුව නැවත වතාවක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව සැලවේ. ඒ Ito විසින් ගොනු කර ඇති අභියාචනාවක් සැලකිල්ලට ගනිමිනුයි.

Tokiyo Broadcast System හි වාර්තාකරුවෙකු ලෙස සේවය කල 55 හැවිරිදි  Noriyuki Yamaguchi විසින් 2019 වසරේ දිනයක Shiori Ito දූෂණයට ලක් කර තිබූ අතර ටෝකියෝ මහාධිකරණය විසින් ඔහු වරදකරු කරනු ලදුව ඇමරිකානු ඩොලර්  28900ක වන්දි මුදලක් Ito හට ගෙවීමට ඔහුට දඬුවම් ලැබී තිබුණි. කෙසේ වෙතත්  Ito විසින් ඇයගේ වාර්තා පොත් සහ අනෙකුත් උපකරණ චුදිත විසින් අතුරුදහන් කරන ලද බවට කරන ලද චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු නොවූ නිසා ටෝකියෝ  මහධිකරණ එයට විරුද්ධව Ito හට අපහාස චෝදනාවක්  ගොනු කළ අතර Noriyuki Yamaguchi ගේ කීර්ති නාමයට අපහාස වූ බව තීන්දුකර ඇමරිකානු ඩොලර්  4800 ක වන්දි මුදලක් Noriyuki Yamaguchi ට ගෙවන ලෙස ඇයට නියෝග කර තිබුණි. මෙම තීන්දුවට එරෙහිව Ito විසින් මෙම අභියාචනාව ගොනු කර ඇත.

170 Views

Comments