යෝධ පැන්ඩාවන් පැමිණීමේ 50වන සංවත්සරයට Ueno වෙතින් විශේෂ ප්‍රවේශපත්‍රයක්


යෝධ පැන්ඩාවන් වන Kankan සහ Ranran යන දෙදෙනාගේ රුව සහිත ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

.

යෝධ පැන්ඩාවන් වන Kankan සහ Ranran, Ueno සත්වෝද්‍යානයට පැමිණීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා Tokyo Metro විසින් පැන්ඩාවන් දෙදෙනාගේ රුව සහිත ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එය ලබන වසරේ මාර්තු 31 දක්වා නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

සමාගමට අනුව ටිකට්පත ලබන වසරේ සැප්තැම්බර් 30 දක්වා වලංගු වන අතර ප්‍රවේශපත්‍ර ගේට්ටුව පසුකර පැය 24ක් සියලුම ටෝකියෝ මෙට්‍රෝ මාර්ගවල මෙය භාවිතා කළ හැකියි.

Ueno තොරතුරු මධ්‍යස්ථානය ඇතුළුව ටෝකියෝ හි සංචාරක තොරතුරු මධ්‍යස්ථාන පහකින් මේවා කෙලින්ම මිලදී ගත හැකි

අතර වැඩිදුර විමසීම් සඳහා 0120-104-106 යන පාරිභෝගික මධ්‍යස්ථානය ඇමතිය හැකියි.

120 Views

Comments