මෝස්තර සමාගමක සභාපතිවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට


මෝස්තර සමාගමක සභාපතිවරයෙකුට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

Saitama ප්‍රාන්තයේ Asakaහි පොලිසිය විසින් පසුගිය මැයි මාසයේදී අභ්‍යන්තර මෝස්තර සමාගමක සභාපතිවරයෙකුට ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සමාගමේම උප කොන්ත්‍රාත්කරුවන් ලෙස සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක්.

මියගිය පුද්ගලයා 43 හැවිරිදි Ryo Nagayoshi නම් අයෙක්.

ඔහුගේ සිරුර මැයි 14 වන දින ගින්නකින් විනාශ වීමෙන් පසු ඔහුගේ ගොඩනැගිල්ලේ නටබුන් තුළ තිබී සොයාගෙන තිබුණා.

126 Views

Comments