අද(27) පෙරවරු 6.30 ට පමණ Saitama නගරයේ Omiya Ward හි JR Omiya Station හි නැගෙනහිර පිටවීමේ දොරටුව ඉදිරිපිට ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න වෙළඳසැල් කිහිපයකට පැතිර ගොස් ඇති අතර පෙරවරු 10:30 වන විටත් ගිනි නිවීමේ උත්සාහයන් සිදුවෙමින් පවතින අතර කිසිදු තුවාලකරුවෙක් පිලිබඳ වාර්තා වී නැහැ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.