21 හැවිරිදි සිසුවියකට තම මෝටර් රථය තුළදී ලිංගික අතවර කළ බවට සැකපිට 21 හැවිරිදි තරුණයෙකු ෂිගා ප්‍රාන්තයේ මොරියාමා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය ඔක්තෝම්බර් 28 වන දින අලුයම කුසට්සු නගර මධ්‍යයේ සිදු වූ බවයි වාර්තා වන්නේ.
Naohide Maeda නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යාව පදික වේදිකාවක් දිගේ ඇවිද යමින් සිටියදී සැකකාර තරුණයා ඇය වෙත පැමිණ ඇගේ අතින් අල්ලා අසල නවතා තිබූ ඔහුගේ කුඩා කාරයට නැගීමට බලකර තිබෙනවා.
Maeda එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්පසු තරුණයා ඇයට අතවර කල බවයි ඇය පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් තරුණයා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු කළ දේට කාන්තාව එකඟ වූ බවද ඔහු පවසා තිබෙනවා.