Akita ප්‍රාන්ත මුහුදේ සැමන් මාලුන්ගේ අඩුවක්


අකිටා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළුන්ගේ වෙනසක් ඇති බව ධීවරයන් පවසනවා.

.

අකිටා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළුන්ගේ වෙනසක් ඇති බව ධීවරයන් පවසනවා.

මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම මෙයට හේතුව වන බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්ත ධීවර ප්‍රවර්ධන මධ්‍යස්ථානය(Oga City) පවසන්නේ ප්‍රාන්ත වෙරළ තීරයේ මුහුදු ජලයේ උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතිනබවයි. එමෙන්ම සාමාන්‍ය වාර්ෂික මුහුදු උෂ්ණත්වය 1986 දී සෙල්සියස් අංශක 14.8 සිට 2021 දී සෙල්සියස් අංශක 15.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙයට හේතුව ගෝලීය උණුසුම ඉහළ යාම යැයි සැලකෙනවා.

මේ හේතුවෙන් උතුරු ප්‍රදේශයේ සැමන් මාළු අඩුවෙමින් පවතින අතර දකුණු ප්‍රදේශයේ රතු මාළු වැඩිවෙමින් පවතින බවයි ධීවරයන් පවසන්නේ.

103 Views

Comments