ටෝකියෝ හි ප්‍රාථමික පාසලක ගුරුවරයෙකු පසුගියදා ටෝකියෝ පොලිසිය විසින්, සිය සිසුන්ගේ නිරුවත් ජායාරූප ලග තබා ගත් වරදට අත් අඩංගුවට ගෙන ඇති බව සැලවේ.
සයිටාමා හි පදිංචි 46 හැවිරිදි සැකකරු කුඩා දරුවන් රැසකගේ ජායාරූප ලබා ගෙන ඇත්තේ ඔවුන් පාසලේදී ඇඳුම් මාරු කරන අවස්ථා වලදී බව පැවසේ. පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා මොහොතේ පවා ඔහුගේ ජංගම දුරකථනයේ තිබී දරුවන්ගේ නිරුවත් ජායාරූප හමුවී තිබේ. ටෝකියෝ පොලිසිය සිද්දිය පිලිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.