චිනය ජපන් මුහුදට ඇතුලු වීමට උත්සහ කරයි


සෙන්කාකස් අසල ජපන් මුහුදට අනවසරයෙන් ඇතුළුවීම නතර කරන ලෙස ටෝකියෝ බලධාරීන් බීජිං බලධාරින්ගෙන් ඉල්ලා සිටී

.

නැගෙනහිර චීන මුහුදේ සෙන්කාකු දූපත් ආශ්‍රිතව ජපන් මුහුදට ඇතුළුවීම වහාම නතර කරන ලෙස තෝකියෝ බලධාරීන් අඟහරුවාදා ඉල්ලා සිටියේය.

සමුද්‍රීය ගැටළු පිළිබඳ සබැඳි ඉහළ මට්ටමේ රැස්වීමකදී ජපානය චීනයෙන් ඉල්ලා සිටියේ බීජිං විසින් හිමිකම් කියන ඔකිනාවා ප්‍රාන්ත දූපත් අවට මුහුදේ වෙරළාරක්ෂක නැව් ක්‍රියාත්මක නොකරන ලෙසයි.

මෙම හමුවේදී දෙරටේම විදේශ, ආරක්ෂක, වෙරළාරක්ෂක සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්ව සිටියහ.

කිසියම් අහඹු ගැටුමක් වැලැක්වීම සඳහා ද්විපාර්ශ්වික ආරක්ෂක ක්ෂණික ඇමතුම් අංකයක් පිහිටුවීමට දෙපාර්ශවය එකඟ විය.

92 Views

Comments