අද අලුයම කගෝෂිමා නගරයේ මාර්ගයක සැහැල්ලු මගී මෝටර් රථයක් තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදු වූ අතර එහි රිය පදවමින් සිටි 81 හැවිරිදි පුද්ගලයකු මිය ගියේය.
අනතුරින් මියගිය 81 හැවිරිදි සුනාමිචි ඔයාමාගේ හිසට බරපතල හානි සිදු වී ඇති අතර රෝහලට ගෙන ගොස් පැය දෙකකට පසු ඔහු මිය ගිය බව රෝහල් බලධාරින් ප්රකාශ කලේය. අනතුරට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.