ටෝකියෝ ඔලිම්පික් තරඟ ඉසව් සංවිධානය සඳහා පැවැත්වූ ලංසුවේ වංචාවක් එළියට


ADK Holdings Inc, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරඟ ඉසව් සංවිධානය කිරීමේ අයිතීන් ලබාගැනීමේ ලංසුවේදී වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

.

ජපානයේ ප්‍රධාන වෙළඳ ප්‍රචාරණ ආයතනයක් වන ADK Holdings Inc, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරඟ ඉසව් සංවිධානය කිරීමේ අයිතීන් ලබාගැනීමේ ලංසුවේදී වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙම සමාගම ඇතුළුව සමාගම් පහකින් යෙන් මිලියන 200කට ආසන්න අල්ලස් මුදලක් හිටපු ක්‍රීඩා සංවිධායක කමිටු විධායකයෙකු විසින් ලබා ගත් බවද මෙසේ අනාවරණය වී තිබෙනවා.

මෙසේ චෝදනාවට ලක්ව ඇත්තේ සංවිධායක කමිටුවේ හිටපු සාමාජිකයෙකු වන Haruyuki Takahashiයි.

ඔහු ගෝලීය ක්‍රීඩා ඉසව්ව සඳහා අනුග්‍රාහකයන් හෝ ප්‍රචාරක නියෝජිතයන් වීමට උපකාර කිරීම වෙනුවෙන් සමාගම්වලින් අල්ලස් ලබාගෙන තිබෙනවා.

මේ අතර ADK හි හිටපු සභාපති Shinichi Ueno සහ අනෙකුත් හිටපු සේවකයින්ට ද අල්ලස් චෝදනා මත අධිචෝදනා ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

67 Views

Comments