ඔකායාමා නගරයේ නිවසක් ගිනි ගනී


නිවසේ පදිංචි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට

.

ඔකායාමා නගරයේ හිගාෂි ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම නිවසේ පදිංචි කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබුවේ 78 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක්ය.

මෙම ගින්නෙන් වර්ග මීටර් 100 ක පමණ නිවසේ පහල තට්ටුව සහ වර්ග මීටර් 35 ක පමණ ප්‍රමාණයකින් යුත් උළු සෙවිලි කළ ඉහල මහලේ ලී ව්‍යුහයන් දෙකම දැවී විනාශ වී ඇත.

පොලිසිය පරීක්‍ෂණ පවත්වා අදාළ කාන්තාව සිදු කල අපරාධය හඳුනාගෙන ඊයේ (23දා) රාත්‍රියේ ඇය පදිංචිව සිටි නිවසට ගිනි තැබූ බවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ප්‍රශ්න කිරීමේ දී ඇය සියළු චෝදනා පිලිගෙන ඇති අතර ඇය නිවස ගිනි තැබීමට හේතු වී ඇති අරමුණ කුමක්ද යැයි සෙවීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

111 Views

Comments