ආපනශාලාවක කසළ ගොඩක නාඳුනන මලසිරුරක්


Aichi ප්‍රාන්තයේ Tsushima හි ආපනශාලාවක කුණු ගොඩක තිබී පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා.

.

Aichi ප්‍රාන්තයේ Tsushima හි ආපනශාලාවක කුණු ගොඩක තිබී පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ පෙරේදා(23) සවස 4.25ට පමණ "මිනිස් පාදයක් වැනි දෙයක්" කුණු කසල තුළ ඇති බවට අපද්‍රව්‍ය බැහැර කිරීමේ සමාගමේ සේවකයෙකුගෙන් පොලිසියට ඇමතුමක් පැමිණි බවයි.

පසුව පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී කුණු කන්දේ තිබී පිරිමියෙකුගේ නිරුවත් මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙම පුද්ගලයාගේ සිරුරේ බාහිර තුවාල පිළිබඳ කිසිදු සලකුණක් නොමැති අතර මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

 

112 Views

Comments