දැරියක් පැහැරගැනීමට තැත් කල අයෙක් අත්අඩංගුවට


ඊයේ(24) කියෝතෝ ප්‍රාන්ත පොලිසිය විසින් 28 හැවිරිදි කාර්යාල සේවකයෙකු එම ප්‍රාන්තයේම ජෝයෝ නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

.

ඊයේ(24) කියෝතෝ ප්‍රාන්ත පොලිසිය විසින් 28 හැවිරිදි කාර්යාල සේවකයෙකු එම ප්‍රාන්තයේම ජෝයෝ නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ 7 හැවිරිදි දැරියක් පැහැරගෙන යාම සහ සිරගත කිරීම යන චෝදනා දෙකට සැකපිටයි.

ඔක්තෝබර් 5 වන දින සවස 3:15 ට පමණ ජෝයෝ නගරයේ වීදියක පාසලෙන් නිවසට යමින් සිටි ගැහැණු ළමයෙකු බලහත්කාරයෙන් මෝටර් රථයකට නංවා ඇය රැගෙන යාමට මෙම පුද්ගලයා තැත්කර තිබෙනවා. දැරියට තුවාල ලබා නොමැති අතර විනාඩි හතකට පමණ පසුව ඔහු ඇයව මෝටර් රථයෙන් ඉවත් කර තිබෙනවා.  ප්‍රාන්ත පොලිසිය විශ්වාස කරන්නේ දැරිය මෝටර් රථය තුළ හඬා වැළපීම නිසා ඇයව මෙලෙස මුදා හැර ඇති බවයි.

 

14 Views

Comments