කොන්ක්‍රීට් දොරකට යට වී පුද්ගලයෙක් මිය යයි


Niigata ප්‍රාන්තයේ Nagaoka නගරයේදී මෙම අනතුර සිදු වී ඇත

.

නීගතා ප්‍රාන්තයේ නාගෝකා නගරයේ කසළ දහනය කිරීමේ කම්හලක පසුගිය 25 වැනිදා පෙරවරුවේ කොන්ක්‍රීට් දොරක් අසල වැඩ කරමින් සිටි පුද්ගලයකුගේ ඇඟ මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවිය.

නාගෝකා නගරයේ කසළ දහනය කිරීමේ කම්හලක් වන ටොරිගෝ ක්ලීන් මධ්‍යස්ථානයේ දොර යට මිනිසෙකු සිරවී සිටින බව සේවකයෙකු ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට වාර්තා කළේය.

කඩා වැටුණු දොර මීටර් 6ක් පමණ උසින් සහ මීටර් 2ක් පමණ පළල සෙන්ටිමීටර් 7ක් ඝනකමකින් යුත් ශක්තිමත්ව කොන්ක්‍රීට් වලින් සාදා ඇති බව පැවසේ.

මෙම පුද්ගලයා නාගෝකා නගරයේ රෝහලකට රැගෙන ගිය නමුත් අනතුරින් පැයකට පමණ පසු මියගොස් ඇති බව තහවුරු විය. මරණයට හේතුව ඔහුගේ පපුවේ සහ උදරයේ පීඩනය නිසා හුස්ම හිරවීමයි. අනතුරට නිශ්චිත හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

117 Views

Comments