පසුගියදා ජපානය තුළ සිදුකළ කළ සමීක්ෂණයක තොරතුරුවලින් අනාවරණය වී තිබුණේ 2030 වර්ෂය වන විට ජපානය තුළ 630,000ක පමණ විදේශ ශ්‍රමිකයන්ගේ අඩුවක් දක්නට ලැබිය හැකි බවයි.
මෙම සමීක්ෂණය වියට්නාමය ඇතුළුව ජපානයට බහුතරයක් විදේශිකයන් පැමිණෙන රටවල් 13ක් අනුසාරයෙන් සිදුකර තිබේ . ඒ අනුව 2030 වන විට ජපානයට විදේශ ශ්‍රමිකයන් මිලියන 4.19ක් අවශ්‍ය වුවත් ඒ වන විට මෙහි ශ්‍රමිකයන් මිලියන 3.56ක් පමණක් සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමීක්ෂකයන් පවසන්නේ ජපානයට පැමිණෙන රටවල් වල සහ ජපානය අතර ඇති වැටුප් පරතරය අඩුකිරීමත් අදාල රටවල් වල උපත් සංඛ්‍යාව අඩුවීමක් මෙයට හේතු ලෙස බලපා ඇති බවයි.
ජපානය සේම වෙනත් රටවලින්ද විදේශ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමත් ජපානය තුළට ඇදී එන පිරිස අඩු වීමට බලපා ඇත. මේ හේතුවෙන් ජපානය තුල වීසා නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය ලිහිල් කළ ද විදේශිකයන් ගෙන්වා ගැනීමේ අපහසුතාවක් ඉදිරියට පැවතිය හැකි වේ යැයි ඔවුන් අනාවැකි පළ කර තිබේ .
එමනිසා ජපානය විදේශකයන්ට ජීවත්වීමට සුදුසු පරිසර හා සමාජීය තත්වයක් ගොඩනැඟිය යුතු බව එම සමීක්ෂකයන් ගේ අදහසයි.