20 හැවිරිදි තම බිරිඳට පහර දුන් බවට සැකපිට 28 හැවිරිදි පොලිස් නිලධාරියෙකු Shizuoka නගරයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රාන්ත පොලිසිය ප්රකාශ කලේ ප්රජා කටයුතු අංශයේ සේවය කරන සැකකරු පෙරේදා(24) සවස 5 ට පමණ මෙලෙස තම බිරිඳට පහර දී ඇති බවයි.
පසුව අදාල කාන්තාව 110 අමතා සැමියා තමාට පහර දුන් බව දන්වා තිබෙනවා.ඇයගේ මුහුණේ තැලීම් කිහිපයක් ද ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාල සැකකරු මෙම චෝදනාව පිළිගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.