උතුරු ජපානයට අධික හිම පතන


ගුවන් සහ දුම්රිය ගමන් ගමන්වලට බාධා එල්ල කරමින් ජපානයේ උතුරු ප්‍රදේශයට සදුදා දින අධික හිම පතන සිදුවී ඇත.කාලගු??

.

ගුවන් සහ දුම්රිය ගමන් ගමන්වලට බාධා එල්ල කරමින් ජපානයේ උතුරු ප්‍රදේශයට සදුදා දින අධික හිම පතන සිදුවී ඇත.කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන පරිදි මෙම දරුණු හිම පතන ඉදිරි දින කිහිපය තුළදී නැගෙනහිර ජපානයට ද බලපෑ හැක.

 

මෙම හිමපතනය හේතුවෙන් New Chitose Airport වෙතට එන සහ ඉන් පිට වෙන ගුවන් ගමන් වාර එකසිය හතලිහක් පමණ අවලංගු කර ඇති අතර Hokkaido දුම්රිය සමාගම විසින් JR Sapporo දුම්රිය පලට එන සහ යන දුම්රිය ගමන් ද තාවකාලිකව නවතා දමා ඇත.

 

මේ වෙනවිට දුම්රිය ගමන් වාර 970 ක් පමණ නවත්වා ඇති අතර අඟහරුවාදා උදෑසන වනවිට සෙන්ටි මීටර් පනහක් පමණ උසට හිම පපතනය විය හැකි යැයි උපකල්පනය කරමින් තවත් දුම්රිය ගමන් වාරද අවලංගු කිරීමට සූදානමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා ඇත.

161 Views

Comments