අල්ලස් හා දූෂණ කොමිසම් නිලධාරීන් Dentsuහි මූලස්ථානයට


ජපාන නඩු පවරන්නන් විසින් ඊයේ(25) ප්‍රධාන වෙළඳ ප්‍රචාරණ සමාගමක් වන Dentsu හි මූලස්ථානය වටලා තිබෙනවා.

.

ටෝකියෝ ඔලිම්පික් උළෙලට අදාළ දූෂණ විමර්ශනය පුළුල් වීමත් සමඟ ජපාන නඩු පවරන්නන් විසින් ඊයේ(25) ප්‍රධාන වෙළඳ ප්‍රචාරණ සමාගමක් වන Dentsu හි මූලස්ථානය වටලා තිබෙනවා.

ඒ අනුව ටෝකියෝ දිස්ත්‍රික් අභිචෝදකයින් සහ ජපන් සාධාරණ වෙළඳ කොමිසමේ නිලධාරීන් Dentsu මූලස්ථානයට ඇතුළු වන ආකාරය ප්‍රධාන දේශීය රූපවාහිනී විකාශකයින් විසින් වීඩියෝ ගත කර ද ඇති බවයි වාර්තා වන්නේ.

Dentsu හි හිටපු විධායක නිලධාරියෙකු වන Haruyuki Takahashi ක්‍රීඩා සඳහා අනුග්‍රාහකයන් බවට පත් වූ විවිධ සමාගම්වලින් අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මෑත මාසවලදී සිව් වතාවක් අත්අඩංගුවට ගෙන තිබුණා.

 

116 Views

Comments