තෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියන් ගණන ඉහල දැමීමට යෝජනාවක්


තෝකියෝ විශ්ව විද්‍යාලයේ කාන්තා මහාචාර්යවරුන් සංඛ්‍යාව 2027 වසර වන විට 400 දක්වා ඉහල දැමීමට එහි පරිපාලනය තීරණය කර තිබෙනවා.

.

තෝකියෝ විශ්ව විද්‍යාලයේ කාන්තා මහාචාර්යවරුන් සංඛ්‍යාව 2027 වසර වන විට 400 දක්වා ඉහල දැමීමට එහි පරිපාලනය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව එහි කථිකාචාර්යවරුන් සහ සහකාර මහාචාර්යවරුන් ඇතුළු කාන්තා පීඨ සාමාජිකයින්ගේ අනුපාතය වර්තමාන 16% සිට 25% හෝ ඊට වැඩි දක්වා ඉහළ නැංවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ.

මේ යටතේ 2027 වර්ෂය වන විට නව කාන්තා මහාචාර්යවරුන් 141 ක් සහ ආශ්‍රිත මහාචාර්යවරුන් 165 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද විශ්ව විද්‍යාල පරිපාලනය දැනුම් දී තිබෙනවා.

විවිධ සම්භවයක් ඇති පුද්ගලයින් අතර අන්තර්ක්‍රියා සහ සංවාද තුළින් නව වටිනාකමක් නිර්මාණය කිරීම විශ්ව විද්‍යාලය අරමුණු කරන බව මෙම නව ක්‍රියාකාරී සැලැස්මේ සඳහන්.

88 Views

Comments