ලැව් ගින්නක් නිවූ සිසුවාට උපහාර


16 හැවිරිදි ශිෂ්‍යයෙකුට වියළි තණකොළවලින් හටගත් ලැව් ගින්නක් නිවා දැමීමට ගත් උත්සාහය සඳහා Tama ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් ඇගයීමේ ලිපියක් ලබාදී තිබෙනවා.

.

Kawasaki City, Tama Ward හි Ikuta Higashi උසස් පාසලේ 16 හැවිරිදි ශිෂ්‍යයෙකුට වියළි තණකොළවලින් හටගත් ලැව් ගින්නක් නිවා දැමීමට ගත් උත්සාහය සඳහා Tama ගිනි නිවන දෙපාර්තමේන්තුවෙන් ඇගයීමේ ලිපියක් ලබාදී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 28 වන දින දහවල් නැවත නිවසට යමින් සිටියදී පාසල අසල පාර අයිනේ මියගිය තණකොළ සහ වැටුණු කොළ පිළිස්සී ඇති බව සිසුවා දැක තිබෙනවා. ඉන්පසු සිද්ධිය වූ ස්ථානය අසල ජලය නොතිබුණු හෙයින් ඔහු විකුණුම් යන්ත්‍රයකින් පානීය ජල බෝතල් හතරක් මිලට ගෙන ගින්න සුලු වශයෙන් නිවා දැමීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. පසුව ගිනි නිවන රථ ද පැමිණ ඇති අතර එවිට ගින්න වර්ග මීටර් 0.5 ක පමණ ප්‍රදේශයකට පමණක් සීමා වී තිබෙනවා.ඒ සිසුවාගේ දුර දක්නා නුවණ හේතුවෙන් බවයි ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානී කියා සිටියේ.

76 Views

Comments