වංචාවක් වැලැක්වූ ආරක්ෂක නියාමකවරුන් දෙදෙනාට උපහාර


ඔසාකා ප්‍රාන්ත පොලිස් සෙට්සු පොලිස් ස්ථානය විසින් SECOM හි ආරක්ෂක නියාමකවරුන් දෙදෙනෙකු වෙත අගය කිරීමේ ලිපි යවා තිබෙනවා

.

ඔසාකා ප්‍රාන්ත පොලිස් සෙට්සු පොලිස් ස්ථානය විසින් විශේෂ වංචා වැළැක්වීම සඳහා වන ආරක්ෂක සමාගමක් වන SECOM හි ආරක්ෂක නියාමකවරුන් වන Masatoshi Inoue සහ Tetsuya Ogaki වෙත අගය කිරීමේ ලිපි යවා තිබෙනවා.

ඒ සිදුවීමට ගිය මූල්‍ය වංචාවක් වැළැකවීම හේතුවෙනුයි.

එම පොලිස් ස්ථානයට අනුව ඔක්තෝබර් මැද භාගයේදී 70 හැවිරිදි පමණ වූ යුවළක් සූටා නගරයේ වාණිජ ස්ථානයක ජංගම දුරකථනයකින් කතා කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) වටා ඇවිදිමින් සිටින බව ආරක්ෂක නියාමකවරුන් දෙදෙනා දැක තිබෙනවා.

පසුව ඔවුන් මේ පිලිබඳ විමසීමේදී යුවල පවසා ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආපසු ගැනීමට අවශ්‍ය බවයි.

කෙසේවෙතත් මෙම යුවල කිසියම් මූල්‍ය වංචාවක් සිදු කිරීමට උත්සාහ කරන බව ඒත්තු ගිය ආරක්ෂක නියාමකවරුන් දෙදෙනා මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

 

71 Views

Comments