උතුරු කොරියාවෙන් තවත් මිසයිල දෙකක් අහසට


දකුණු කොරියානු හමුදා බුද්ධි අංශ වාර්තා කරන පරිදි උතුරු කොරියාව විසින් ..

.

දකුණු කොරියානු හමුදා බුද්ධි අංශ වාර්තා කරන පරිදි උතුරු කොරියාව විසින් තවත් කෙටි දුර මිසයිල දෙකක් ගුවන් ගත කර ඇති බව සනාථ වේ.

මෙකී මිසයිල උතුරු කොරියානු නැගෙනහිර මුහුදු තීරයට පතිත වී ඇති බව වාර්තා වන අතර ඒවා ගුවන්ගත කර ඇත්තේ ජපාන දේශසීමාවට ආසන්න Hamhung නගරයේ සිට බව තහවුරු කරගෙන තිබේ. මෙම බැලස්ටික් මිසයිල කිලෝමීටර් විස්සක් උසට ගුවන් ගත වී ඇති අතර කිලෝමීටර් 190 ක දුරක් ගමන්කර මුහුදට පතිත වූ බව වාර්තා වේ. උතුරු කොරියාව  විසින් මෑත කාලයේදී  සිදුකරනු ලැබූ තුන්වන බැලස්ටික් මිසයිල අත්හදා බැලීම මෙය වේ.

364 Views

Comments