උපැස් යුවල අමතක වූ රියදුරු


කණ්ණාඩි පැළඳීමට බලපත්‍රය අවශ්‍ය 50 හැවිරිදි පිරිමි රියදුරෙකු විනාඩි දෙකක පමණ කාලයක් ඔහුගේ දෑස නොපෙනී උමං මාර්ගයක දුම්රිය ධාවනය කර තිබෙනවා.

.

කණ්නාඩි පැළඳීමට බලපත්‍රය අවශ්‍ය 50 හැවිරිදි පිරිමි රියදුරෙකු විනාඩි දෙකක පමණ කාලයක් ඔහුගේ දෑස නොපෙනී උමං මාර්ගයක ධාවනය කළ පුවතක් Nagoya නාගරික ප්‍රවාහන කාර්යාංශය ඊයේ(26) නිවේදනය කර තිබෙනවා.

නිවේදනයට අනුව රියදුරුට කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේදී කණ්නාඩි පැළඳීමට අමතක වී ඇති අතර Tsurumai මාර්ගයේ Kamiotai සහ Shonai Ryokuchi Koen දුම්රිය ස්ථාන අතර රිය ධාවනයේදී ඉදිරිය පැහැදිලිව නොපෙනෙන බැවින් කණ්ණාඩි පැළඳ නොමැති බව පසක්ව තිබෙනවා.

පසුව ඔහු මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු ඔහු වෙනුවට වෙනත් රියදුරෙකු ෂෝනායි රියෝකුචි කෝන් දුම්රිය ස්ථානයට ආ අතර මිනිත්තු හයක් පමණ ප්‍රමාද වී නැවත මෙහෙයුම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.  

කෙසේවෙතත් කාර්යාංශය පැවසුවේ මෙවැනි සිද්ධි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වගබලා ගන්නා බවයි.

92 Views

Comments